News & PR

Highlights from Sadaharitha events, milestones, partnerships, and community initiatives.

Award Ceremony

සදාහරිත Forestry Awards 2025 සම්මාන උළෙල පසුගියදා (2026.01.23) මොරටුව Ramadia Grand හෝටලයේ Grand Ballroom පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා!

ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ (Commercial Forestry) ප්‍රමුඛයා ලෙස, දශක ගණනාවක් පුරා තිරසාර හරිත ආයෝජන හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන සදාහරිත (Sadaharitha Plantations) ආයතනය, 'Ignite Your Passion' තේමාව යටතේ සිය අලෙවි බලකායේ දක්ෂතා ඇගයීම මෙහිදී සිදුකෙරුනා.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා ප්‍රමුඛ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වුනු මෙම සම්මාන සන්ධ්‍යාවේදී, දිවයින පුරා පිහිටි සදාහරිත ශාඛාවන්හි සේවය කරමින් විවිධ අංශයන් ඔස්සේ දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කරමින් සම්මාන, සහතික පත්‍ර සහ විදෙස් සංචාර ඇතුළු ත්‍යාග පිරිනැමීම සිදු කෙරුනා.ජයග්‍රහණය කළ සදාහරිත විජයග්‍රාහී අලෙවි බළකායේ සියල්ලන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

1st Working Day

නව බලාපොරොත්තු සමගින් සදාහරිත 2026 ඇරඹුම!

සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කරමින්, සදාහරිත ආයතනයේ 2026 වසර සඳහා වැඩ කටයුතු ආරම්භ කිරීම අද දින සදාහරිත ප්‍රධාන කාර්යාලයේදී අභිමානවත් අයුරින් සිදු වුණා. ආගමික වතාවත් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල්තැන දෙමින්, ආයතන ප්‍රධානීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ සදාහරිත සභාපති සතිස් නවරත්න මහතා, 2026 වසරේ අප සතු නව ජයග්‍රාහී ඉලක්ක සහ උපායමාර්ග පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කරමින්, නව වසරේ සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය නායකත්වය සහ මගපෙන්වීම ලබා දීම සිදු කළා!

Pirith

සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ මහා සංඝරත්නය උදෙසා පවත්වනු ලබන දානමය පින්කම, පසුගිය 2026 මාර්තු මස 13 සහ 14 යන දෙදින තුළ සදාහරිත ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සදාහරිත ව්‍යාපාර සමූහයේ ගරු සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ සදාහරිත කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණි.

සදාහරිත සමූහ ව්‍යාපාරය විසින් සෑම වසරකම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මෙම වාර්ෂික පින්කමෙහි ප්‍රධාන අරමුණ වන්නේ රටටත්, සමස්ත ආයතනයටත්, අපගේ හිතවත් පාරිභෝගිකයන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් හා ඔවුන්ගේ පවුල්වල සැමටත් ආශිර්වාද පැතීමයි.

University MOU

University of Ruhuna and Sadaharitha Plantations Limited Sign Strategic MOU to Pioneer Agricultural Machinery Innovations

In a significant move aimed at advancing Sri Lanka’s plantation sector through technological innovation, the Faculty of Agriculture at the University of Ruhuna has officially entered into a Memorandum of Understanding (MOU) with industry leader Sadaharitha Plantations Limited.

The core objective of this strategic partnership is to bridge the gap between academic research and practical industry application. Specifically, the collaboration focuses on the research and development of advanced agricultural machinery tailored specifically for Sri Lanka's vital plantation sector.

Spearheaded by the University's Department of Agricultural Engineering and Environmental Technology, this joint initiative aims to drive mechanization, improve operational efficiency, and foster sustainable growth within the industry. The MOU provides a robust, formal framework for both parties to collaborate on machinery-based research and explore new business opportunities, pooling their respective strengths and resources.

By uniting the University of Ruhuna’s academic rigor and engineering excellence with Sadaharitha Plantations' deep industry expertise, the partnership is poised to introduce homegrown, innovative engineering solutions to modern agricultural challenges.

The historic agreement was signed by distinguished representatives from both organizations:

For the University of Ruhuna: The MOU was signed by Senior Professor P. A. Jayantha, Vice Chancellor, and witnessed by Senior Professor G.Y. Jayasinghe, Dean of the Faculty of Agriculture.

For Sadaharitha Plantations Limited: The agreement was executed by Mr. R. A. Saman, Director of Finance and Planning, and witnessed by Mr. A.C.B. Karunathunga, AGM of Sadaharitha Plantation LTD.

This collaborative venture marks a promising step forward for the mechanization of Sri Lankan agriculture, highlighting the crucial role of public-private partnerships in securing the future of the nation's plantation economy

Wattala Branch Opening

සදාහරිත අපි, දැන් වත්තල අලුත් තැනක!

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා, සදාහරිත වැවිලි සමාගමේ වත්තල නගරයේ අභිනව ශාඛාව විවෘත කිරීම පසුගිය දිනයේදී උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වුනා.

වත්තල පාරිභෝගික ජනතාවට වඩාත් සමීප වෙමින්, අංක 134, පරණ මීගමුව පාර, වත්තල යන ලිපිනයෙහි පිහිටි මෙම නව කාර්යාල පරිශ්‍රය සදාහරිත ඉහළ කළමනාකාරීත්වය සහ ජේෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණු අතර, එම අවස්ථාව ඉතා වර්ණවත් අයුරින් පැවැත්වුනා.

වසර 23 ක් පුරා දිනෙන් දින සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගමන් කරන සදාහරිත සමූහ ව්‍යාපාරය මේ වන විට රු. කෝටි 33,000 ට අධික දෙස් විදෙස් වත්කම් සතුකර ගැනීමට සමත් වෙමින්, සියයට සියයක් ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස ජාත්‍යන්තරය ජය ගනිමින් සිටිනවා!

දිනෙන් දින ඉහළ යන ඉල්ලුම හමුවේ වඩාත් ඉඩකඩ සහිත සදාහරිත නව ශාඛාව වෙතින් දැන් වත්තල ඔබ සැමටත් වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක හරිත ආයෝජන සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත.

Covid 19 Donation to Hospitals 2020

Api Machan Concert in 2019

Annual Book Donation in 2020